Take a fresh look at your lifestyle.

පුනාගල වතු නිවාස 10 පස් කන්දකට යටවෙයි !

බණ්ඩාරවෙල, පුනාගල මකල්දෙණිය ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවක් සමඟ ඊයේ (19) රාත්‍රී 8ට පමණ විශාල ජල පහරක් සමඟ සේදී ආ ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශයේ වතු නිවාස රැසකට දැඩි හානි සිදුව ඇත.

මෙම අපදා තත්ත්වයෙන් වෙළෙඳ සැලක් හා වතු නිවාස තුනක් මේ වන විට සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 5 දෙනෙක්ගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට මාරු කර යවා ඇත.

එම ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ නිවාසවල පුද්ගලයින් 300ක් පමණ පුනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කොස්ලන්ද, ලියන්ගහවෙල හා බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය මෙන්ම දියතලාව යුදහමුදා නිලධාරීන් ද පැමිණ ආපදාවට පත් පිරිස රෝහල් වෙත ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටි.

Leave A Reply

Your email address will not be published.