Take a fresh look at your lifestyle.

රජය බයවෙලා. ඊළගට බහුජන අරගලයක් අරඹනවා !

දිවයින පුරා වෘත්තියවේදින් 15 දින දියත් කල වැඩ වර්ජනය අති සාර්ථක වු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත පවසයි.
ලාල් කාන්ත ඒ බැව් නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වි සිටින
අපෙක්ෂකයන් සමග පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත කියා සිටියේ මෙතෙක් දියත් කල වෘත්තිය සමිති අරගල මහජනතාව
සමග එක්ව බහුජන අරගලයක් බවට පත් කිරිමට පියවර ගන්නා බවයි.

වෘත්තිය සමිති ගන්නා ක්‍රියාමාර්ග වලට රජය බිය වි ඇති බවත්, රජය කටයුතු කරන ආකාරයෙන් වෘත්තිය සමිති වලට රජය බිය වි ඇති ආකාරයක් දක්නට ලැබෙන බවයි ලාල් කාන්ත ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.