Take a fresh look at your lifestyle.

NPP උද්ඝෝෂණයට ගහපු කදුළු ගෑස් ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි !

ජාතික ජන බලවේගය විසින් පසුගියදා කොළඹ දී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා එල්ල කළ කදුළු ගෑස් සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිස් මහජන සම්බන්ධතා කළමනාකරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (13) නියෝග කර ඇත.

ඒ විරෝධතාව අතරතුරදී මියගිය එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරිගේ මරණය සම්බන්ධයෙන් නඩුව කැදවූ අවස්ථාවේදීයි. තම පියා කදුළු ගෑස් හේතුවෙන් ඇති වූ අසනීප තත්ත්වයක් මත මිය යන්නට ඇති බවට විශ්වාසය කරන බවටයි අදාළ නඩුවට සාක්ෂි ලබා දෙමින් ඔහුගේ පුත්‍රයා ප්‍රකාශ කර ඇත.

මෙහිදී ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා එල්ල කර ඇති කදුළු ගෑස් කල් ඉකුත් වී ඇති ද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බවයි.

මේ හේතුවෙන් ඒ සම්බන්ධව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා භාවිතා කරන ලද කදුළු ගෑස් සම්බන්ධයෙන්
වාර්තාවක් නිකුත් කරන ලෙසට දැනුම් දී ඇත.

Leave A Reply

Your email address will not be published.