Take a fresh look at your lifestyle.

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි !

සාමාන්‍ය පෙළ විභාගය බොහෝ දුරට කල් යාමට වැඩි ඉඩක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් ප්‍රමාද වීම හේතුවෙන් සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් එලෙස විභාගය කල් යා හැකි බවයි.

“උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාද වන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම එහාට යන්න ඉඩ තියෙනවා.

ප්‍රශ්නය – මේ තත්ත්වය එක්ක දැනට මැයි මාසයේ විභාගය පවත්වන්න දාගෙන ඉන්නවා නේ. ඒ කාලය වෙනස් වෙනවද?

වෙනස් වෙන්න පුළුවන් උත්තර පත්‍ර සමීක්ෂණය කල් ගියොත්. විභාග දෙකක් අතර කාල පරාසය මාස තුනක්වත් අවශ්‍ය වෙනවා. විභාග දෙපාර්තමේන්තුවට ඊළඟ විභාගය පවත්වන්න.”

Leave A Reply

Your email address will not be published.