Take a fresh look at your lifestyle.

ජනාධිපති මුක්තිය යටතේ පාස්කු නඩුවලින් රනිල් නිදහස් !

පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින
රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා වින්දිතයන් විසින් මෙම නඩු ගොනුකර තිබූ අතර අදාළ නඩුව ඊයේ (01) කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝගය සිදුකර ඇත.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වනවිට
ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක්
පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දී ඇත.

ඒ අනුව රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කර ඇති
දිසා අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.