Take a fresh look at your lifestyle.

හෙට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් !

අසාධාරණ බදු පනතට එරෙහිව හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, තම සංගමය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් අද (28) පෙරවරු 10 කැඳවා ඇත.හෙට දිනයේ වර්ජනය සඳහා තෙල්, වරාය, විදුලිය වෘත්තීය සමිති ද සම්බන්ධවන බව වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ සදහන් කරයි.

මේ අතර ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සදහන් කරන්නේ හෙට දිනයෙන් පසුව රජය තම ගැටලුව විසඳීමට පියවර නොගන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.