Take a fresh look at your lifestyle.

පැය 4ක ගමන් කාලයක් විනාඩි 30ක් දක්වා අඩුකරගන්න ලෝකයේ දිගම මුහුදු පාලම අද විවෘත වුණා

චීනයේ සිට හොංකොං සහ මැකාවු දිවයින් යා කරමින් ඉදිවූ කිලෝමීටර් 55ක් දිගැති ලොව දිගම මුහුදු පාලම අද (23) විවෘත කෙරුණි.

ඩොලර් බිලියන 20ක වියදමින් ඉදිවූ මෙම දැවැන්ත පාලම සඳහා වානේ ටොන් හාර ලක්ෂයක් යොදාගෙන ඇති අතර එම ලෝහ ප්‍රමාණය අයිෆල් කුළුණු 60ක් ඉදිකිරීමට ප්‍රමාණවත් බව පැවසේ.

පර්ල් ගංඟාධාරයේ සිට මුහුද හරහා ඉදිකර ඇති මෙම පාලම කෘත්‍රිම දිවයින් දෙකක් හරහා දිවෙන අතර එය මුහුදු උමඟකින් ද සමන්විතයි.

මෙම පාලම මගින් හොංකොං සහ චීනය අතර ගමනාගමනයට ගත වූ පැය 4ක කාලය විනාඩි 30ක් දක්වා අඩු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave A Reply

Your email address will not be published.