Take a fresh look at your lifestyle.

සෞදි මාධ්‍යවේදි ජමාල් කෂෝගි ඝාතනයට එරෙහිව ලංකාවේ විරෝධතාවයක්!!!

සෞදි මාධ්‍යවේදි ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටි සෞදි තානාපති කාර්යාලයේදි ඝාතනය කර තිබිම මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටින ලෝකයේ සැමගේ බරපතල අවධානයට ලක්ව ඇති කරුණක්ව පවති.

ඒ කෘෘර ඝාතනයට එරෙහිව දැනටමත් ලෝකය පුරා විරෝධතා විවිධ නගර වලදි පැන නැගි තිබේ.

ඔවුන් හා එක්වෙමින් ශ්‍රී ලංකාව තුල ද විරෝධතාවයක් සංවිධානය කිරිමට වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය (Professional Web Journalists’ Association – PWJA) මුලිකත්වය ගෙන තිබේ.

ඒ සදහා ඔක්තෝම්බර් 25 දවල් 12ට කොළඹ සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන ලෙස මාධ්‍ය නිදහස අගයන සැමගෙන් ඉල්ලා සිටිති.

විමසීම් : ෆ්‍රෙඩ් ගමගේ (0777275171)

Leave A Reply

Your email address will not be published.