Take a fresh look at your lifestyle.

“මම අයින් වෙන්නේ නැහැ”

එළඹෙන වසරේ අප්‍රේල් මාසය වනතෙක් තමන් සිය ධූරයෙන් ඉවත් නොවන බව පොලිපති පූජිත ජයසුන්දර සිය හිතවතුන්ට පවසා තිබෙන බව වාර්තා වෙනවා. ඔහුට තනතුරෙන් ඉවත් නොවන ලෙසටද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු දැනුම් දී ඇති බවත් පැවසෙනවා.

ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය මන්දගාමී වීම පිලිබඳ පසුගිය සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අප්‍රසාදයද පළකර ඇත්තේ මේ නිසා බවද දැන ගැනීමට ඇතිබව වාර්තා වෙනවා.

මෙම තත්වය මත පොලිස්පතිවරයාට එරෙහිව කඩිනමින් විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සැලසුම් කර තිබෙනවා.

එම කණ්ඩායමේ මන්ත්‍රී වරයෙකු පැවසුවේ අදාළ විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුවහොත් පොලිස්පතිවරයා හා එජාපය අතර ඇතැයි කියන සම්බන්ධතාවය එමගින් ඔප්පු වන බවයි.


මධුභාෂණ හේරත්

1 Comment
  1. sarath says

    bala thanhawa thamai ithin me penne

Leave A Reply

Your email address will not be published.