Take a fresh look at your lifestyle.

සිබිල් වෙත්තසිංහ ප්‍රවීණ චිත්‍ර ශිල්පිණියගේ නම ගිනස් පොතට

දරුවන් විසි දහසක් සම්බන්ධ කර ගනිමින් “පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පිණී සිබිල් වෙත්තසිංහගේ නම ගිනස් පොතට ඇතුලත් වී තිබෙනවා.

පසුගියදා පැවති ලෝක ළමා දිනයට සමගාමීව කෘතිය එළිදැක්වුණා. මෙහි විශේෂත්වය වන්නේ සිබිල් වෙත්තසිංහ මහත්මිය රචනා කළ කථාවල අවසානය දරුවන් විසින් සම්පූර්ණ කිරීමයි. පරිකල්පන ශක්තිය සහ නිර්මාණශීලිත්වය යොදා ගනිමින් කතන්දර ලිවීම, සිතුවම් කිරීම සහ පද්‍ය රචනය යනාදී ඕනෑම මාධ්‍යයක් භාවිත කරමින් ඇය විසින් රචනා කරන ලද කථාවේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම දරුවන්ට බාර කෙරුණා. දැයේ දරුවන්ගේ නිර්මාණ උපකල්පන ශක්තිය විදහා දැක්වීම මෙහි මූලික අරමුණයි.

Leave A Reply

Your email address will not be published.